දින දෙකෙන් කොරෝනා සුවයි.. බ‍්‍රැන්ඩික්ස් පොකුර මැඩලුවේ මමයි- අමිල සංජිව වෙද මහතා

Sri lanka covid 19 Amilajeewa medicine for covid
By Sithumi May 01, 2021 11:32 AM GMT
Sithumi

Sithumi

Report

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මූලිකව ඇති වූ කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම නැවැත්වූයේ තමන් විසින් බව අමිල සංජීව වෙද මහතා සඳහන් කරයි. තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණි සහ කසාය මෙරට ලක්ෂ 20 ක ජනතාවට ලබාදී ඇති බවත් ඒ අතර කොරෝනා ආසාදිතයන් හැටදහසක් පමණ වන බවත් ඒ මහතා පවසයි. මෙම ඖෂධයෙන් කොරෝනා ආසාදිතයෙකු දින දෙකක් ඇතුළත සුව කළ හැකි බවද පැවසූ ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු පානය කල විට කොරෝනා වැලදෙන්නේ නැති බවත් සඳහන් කළේය. තමන් විසින් මෙම ඖෂධය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් ඔහු කියා සිටී.