ස්ත්‍රී දූෂණ වැරදිකරුවන්ට එරෙහි නීති විධිවිධාන සංශෝධනයට

Perpetrators rape
By Thaya Jan 19, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

ස්ත්‍රී දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම සදහා දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුලත් විධිවිධාන සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියට අනූව ස්ත්‍රී දූෂණය බරපතළ අපරාධයක් ලෙස අර්ථ නිරූපණය කර තිබෙනවා.

නමුත් වර්තමානයට ගැළපෙන අයුරින් ඒ සම්බන්ධ විධිවිධාන වල සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වෛද්‍ය නීති සංගමයද පෙන්වා දී ඇති අතර එයද සැළකිල්ලට ගෙනයි ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වැරදි සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.