මහ රෝහලක ගිලන් රථ සේවය ඇණහිටී – ගිලන් රථ රියදුරන් නිරෝධායනයට

covid 19 sri lanka කොරෝනා Jayawardhanapura hospital
By Sithumi May 13, 2021 02:12 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට අනියුක්තව සේවය කළ ගිලන් රථ රියදුරෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග එම රෝහලේ ගිලන් රථ සේවය මේ වනවිට ඇණහිට තිබෙනවා.

ඒ එම රෝහලේ සෙසු ගිලන් රථ රියදුරන්ද නිරෝධායනයට යොමුකිරීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කියා සිටියේ ආසාදිත රියදුරා අනෙකුත් රියදුරන් සමඟ නේවාසිකව සිට ඇති නිසා සියලු රියදුරන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කල බවයි.

පවතින තත්ත්වය හේතුවෙන් කළුබෝවිල ශීක්‍ෂණ රොහලේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගිලන් රථ කිහිපයක් ජයවර්ධනපුර රෝහලට ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කටයුතු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now