PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමට කුමන්ත්‍රණයක් ඇතැයි කරන චෝදනාව විපක්ෂයේ තවත් බොරුවක්.
කටුනායක ගුවන්තොටුපළේ PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට එක්තරා සෞඛ්‍ය වෘත්තීය සංවිධානයක් කරනු ලබන චෝදනාව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සදහා විපක්ෂය සමාජ ගත කරමින් සිටින බොරු ප්‍රචාරවල තවත් කොටසක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බවයි.කටුනායක ගුවන් තොටුපළේ PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවටත් ඊට විෂයභාර ඇමතිවරයා සම්බන්ධ බවට අදාළ වෘත්තීය සමිතිය කරනු ප්‍රකාශය හා ඊට සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින් යුතු ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඇමතිවරයා මේ බව සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ කටුනායක ගුවන්තොටුපළේ අදාළ PCR පරීක්ෂණාගාරය ස්ථාපිත කෙරුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දමා තිබු කලයේ දී බවයි. ගුවන් තොටුපළ වසා දමා තිබුණ ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට රජය තීරණය කිරීමත් සමග මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට PCR පරීක්ෂණ සිදු කිරීමට මෙම පරීක්ෂණාගාරය ස්ථාපිත කෙරුණු අතර ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම,සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ වැඩසටහන, පෞද්ගලික වෛද්‍ය සැපයුම් ආයතනය, IOM ආයතනය හා මාස් හෝල්ඩින්ග්ස් ආයතනය සම්බන්ධ විය. මීට අදාළ සෞඛ්‍ය උපකරණ ලබා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි.
එමෙන්ම විවිධ ආයතන විසින් පරිත්‍යාග මට්ටමින් ද මේ සදහා අවශ්‍ය උපකරණ ලබා දී තිබේ. මෙම පරීක්ෂණාගාරය ආරම්භ කළ දින සිටම විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කෙරුණු අතර ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිදුකෙරෙන (අහඹු ලෙස පවා) PCR පරීක්ෂණ සාම්පල් පරීක්ෂා කොට වාර්තා ලබාදීම ද සිදු කෙරුණි.
විශේෂයෙන්ම දෙවැනි කොවිඩ් රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වූ විට ඊට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ හා දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් ගනු ලබන PCR සාම්පල් පරීක්ෂා කොට වාර්තා ලබා දුන්නේ ද මෙම පරීක්ෂකාගාරයෙනි.
ගුවන් තොටුපළ වසා දමා තිබු කාලයේ මෙරටට ගෙන් වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලබාගැනීමට පැය 07-08 ක කාලයක් ගතවු අතර ඇතැම්විට ඒ සදහා දින 02- 03 ක කාලයක් ගත වූ බවට චෝදනා නැගු ණි. එම කාලය තුළ ගුවන් තොටුපළ මෙහෙයුම් සිදු කෙරුණේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්
ගෙන්වීමට පමණක් වන නිසා දෛනිකව පැමිණියේ එක් ගුවන් යානයක් හෝ දෙකක් පමණි. මේ අතර කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉල්ලීම පරිදි හෝටල්වල නිරෝධායනය සදහා අවස්ථාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකගතාවය පළ කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් වැඩි වශයෙන් දිවයිනට පැමිණීම සිදු විය. මුල් කාලයේ දි ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කෙරුණේ ද කටුනායක ගුවන් තොටුපළ ඇති PCR
රසායනාගාරයෙනි. ප්‍රමාදය සම්බන්ධයෙන් දිගින් දිගටම මතු වූ ජනතා පැමිණිලි හා ගුවන් තොටුපළ සේවකයන් හා මගීන් මුහුණ දිය හැකි අවධානම ද සැලකිල්ලට ගෙන හෝටල් නිරෝධායනයට පැමිණෙන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂාව පෞද්ගලික රෝහල් මගින් අදාළ හෝටල් පරිශ්‍රය තුළත්, රජයේ නිරෝධායනයට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂාව අදාළ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටි ප්‍ර දේශවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් හරහා එම මධ්‍යස්ථාන තුළත් සිදු කිරීමට සෞඛ්‍ය බළධාරීහු තීරණය කළහ. ජනවාරි 21 සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය තීරණය කරන්නේ ඒ අතරතුරය. දිවයිනේ අහඹු PCR සංඛ්‍යාව වැඩි කීරීමත්,සෞඛ්‍ය අංශවලට සිදු කළ හැකි දෛනීක PCR සංඛ්‍යාවත් සැලකිල්ලට ගනිමින් දිවයිනට ජෛව බුබුළක් ලෙස පැමිණෙන සංචාරකයන්ගේ PCR පරීක්ෂණ ද පෞද්ගලික රෝහල් මගින් සිදු කිරීමට සෞඛ්‍ය අංශ
එකගතාවය පළ කළහ. ඒ අනුව මෙරටට පැමිණෙන ගුවන් මගීන් සියලුදෙනාම එක්කෝ අදාළ හෝටල් පරිශ්‍රයක දී PCR පරීක්ෂාවකට ලක්වන අතර නැතිනම් රජයේ නිරෝධයන මධ්‍යස්ථානයක දී PCR පරීක්ෂාවකට ලක් වෙයි. මේ වන විට ගුවන් තොටුපළේ ස්ථාපිත PCR පරීක්ෂණාගාරයෙන් සිදු කෙරෙන්නේ දිවයිනේ විවිධ ප්‍ර දේශ වල අහඹු ලෙස ගැනෙන PCR සාම්පල පරික්ෂාව පමණි. ජනවාරි මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ගුවන් තොටුපළ ක්‍රම ක්‍රමයෙන් කාර්යබහුල වීමත් සමග දැඩි අධි ආරක්ෂිත කළාපයක පිහිටා ඇති මෙම රසායනාගාරය වෙත පිටස්තර වාහන හා පුද්ගලයින් පැමිණිමේ දී සාමාන්‍යයෙන් අනුගමනය කළයුතු විශේෂ ආරක්ෂිත විධි විධාන අනුගමනය කිරීමට ද ගුවන් තොටුපළ පාලනාධිකාරීයට සිදු විය. ඊට විසදුමක් ලෙස කටුනායක ගුවන්තොටුපළ PCR පරීක්ෂණාගාරයේ ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් PCR උපකරණ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොවිඩ් රෝහලක් වන මිනුවන්ගොඩ රෝහලේ ස්ථිපිත කිරීමට මම යෝජනා කළේමි. ඒ දිස්ත්‍රික්කයේ හා ඉන් පිටත PCR පරීක්ෂණ සාම්පල් පරීක්ෂාව වඩා ඉක්මණ් කිරීමේ අරමුණිනි. එහි අනෙක් අරමුණ වුයේ ගුවන් තොටුපළට අදාළ සාම්පල් ගෙන ඒමේ දී සෞඛ්‍ය අංශ නිළධාරීන් මුහුණදෙන දුෂ්කරතා අවම කිරීමය.