බස්නාහිර රජයේ සියලු පාසල් අද විවෘත වේ

Education Western Provnice
By Thaya Mar 29, 2021 07:13 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද(29) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ. මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ පසුගිය වසරේ මාර්තු මස 13වන දින සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණි. අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරිම සිදුවු අතර බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරිම අවස්ථා කිහිපයකදීම ප්‍රමාද කිරිමට අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබීය. කෙසේවෙතත් පසුගිය 15 වන දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල පංති ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණිවල පංති අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ. සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. මේ අතර කිසිදු බියකින් තොරව ළමුන් පාසල් වෙත එවීමට දෙමව්පියන් පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල්වල අධ්‍යනය කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවය.

මේ අතර කොළඹ අගරදගුරු පදවියට අයත් කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කෙසේවෙතත් පවත්නා කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් යාපනය අධ්‍යපන කලාපයේ සියලු පාසල් අද සිට සතියක කාලයක් වසා තැබීමට නියමිතව තිබේ. යාපනය නගරය ආශ්‍රිතව නව කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමත් සමඟ එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ReeCha