නගරයක සියලුම වෙළඳසැල් කොරෝනා නිසා වසාදැමේ.

Covid Corona Monaragala Monaragala city
By Aruna Apr 26, 2021 07:29 AM GMT
Aruna

Aruna

Report

බුත්තල නගරයේ සියලුම වෙළෙඳසැල් මේ වනවිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම වෙළෙඳ සංගමය පවසයි.

පවතින කොවිඩ් - 19 අවදානම සලකා බුත්තල නගරයේ අද (26) සිට හෙට (27) උදෑසන දක්වා එලෙස වෙළෙඳසැළ් වසා තැබෙනු ඇත.

මේ හේතුවෙන් නගරයේ බස් ධාවනය ද අඩාල වී තිබේ.

බුත්තල නගරයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමග වෙළෙඳ සංගමය සහ ප්‍රාදේශීය සභාව සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම පියවර ගෙන තිබේ.

නගරය තුළ ජනතාව ඒකරාශීවීම නවතා දැමීමට සහ කොවිඩ් පාලනයට සහාය දීම සඳහා එම තීරණය ගත් බව බුත්තල වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රසන්න ගුණවීර මහතා පැවසීය.

බුත්තල නගරය ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් පවසයි.

තවත් පිරිසක් නිරෝධායනය වෙමින් ඇති අතර සිදුකරන ලද PCR 100ක පමණ ප්‍රතිඵල ලැබීමට නියමිතය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. 

https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb