දිවයිනේ සියලු පෙර පාසල් වසා දමයි.

Covid Sri lanka Pre school
By Aruna Apr 27, 2021 09:58 AM GMT
Report

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර-පාසල් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේ.

පිරිවෙන් ද එදින තෙක් වසා දැමීමට තීරණය කර ඇත.

මේ අතර සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් අධ්‍යාපනික ආයතන ද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවය.