චෙන්නයි සහ යාපනය අතර ගුවන් සේවා ඉදිරි මාස කිහිපය ඇතුළත....
කලාපීය ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම ඉලක්ක කොටගනිමින් යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කොට තාවකාලිකව ඇණහිට තිබු චෙන්නයි සහ යාපනය අතර ගුවන් සේවා ඉදිරි මාස කිහිපය ඇතුළත නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අතර මාලදිවයින සහ දකුණු ඉන්දියානු ගමනාන්තයන් සම්බන්ධ කරගනිමින් නව ගුවන් සේවා ආරම්භ කිරිමට අපේක්ෂා කෙරෙන බවත් ගුවන් සමාගම් රැසක් දැනටමත් ශ්‍රී ලංකාව සමග කලාපීය ගුවන් වාර ආරම්භ කිරීමට සාකච්ඡා කොට ඇති බවත් ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරිමේ වැඩසටහනට අනුව දැනට ගුවන් තොටුපළේ පවතින අඩුපාඩු හඳුනාගෙන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ. යෝජිත ව්‍යාපෘතියට අනුව තුන්වන අදියර අවසන් වන විට ධාවන පථය මීටර් තුන්දහස් දෙසීයක් උතුරු දිශාවට ප්‍රවර්ධනය කෙරෙන අතර විශාල ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයුම් සඳහා පහසුකම් සංවර්ධන කරනු ලැබේ.මගී අංගනය මගීන් දහසකට පමණ සේවා සැපයිය හැකි පරිදි පුළුල් කිරීමටත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අනෙකුත් සියළු පහසුකම් සම්පාදනය කිරීමටත් නියමිතව තිබේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ ජත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ නව ගුවන් සේවා ආකර්ශණය කරගැනීමේ අරමුණින් යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය කොට ප්‍රවර්ධනය කෙරෙනු ඇත.
කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ, සහ මඩකළපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධ කරමින් දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.සංචාරක ආකර්ශණය ඉතා ඉහල අගයක් ගන්නා උතුරු නැගෙනහිර ස්ථාන හඳුනාගෙන සංචාරක අමාත්‍යාංශය හා ගුවන් සමාගම් සමග ඒකාබද්ධ වී අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමටද පියවර ගැනේ. සංචාරක මගී ගුවන් සේවා මෙන්ම ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන්ද ,අභ්‍යන්තර මගී ප්‍රවාහන මාධ්‍යක් ලෙස ගුවන් සේවා භාවිතා කිරීමේ අපේක්ෂාවෙන්ද යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ගුවන් තොටුපළ යටිතළ පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි.