අපදාවට පත් ජනතාවට බංග්ලාදේශයෙනුත් ආධාර

Report

බංග්ලාදේශය සිට පළමු වරට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (03) දින පස්වරුවේ පැමිණ ඇත.

ඒ වගේම මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 9,227 ක් බරැති ඖෂධ , වියළි ආහාර , මදුරු දැල් , විපතට පත් වූවන් ගලවා ගැනීමේ උපකරණ ද වේ. බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් සී.- 130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ මෙය අද (03) දින පස්වරු 01.00 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙලෙස පැමිණ ඇත.

තවද මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ බංගලදේශ මහකොමසාරිස් අන්දිලිප් ඉලියාස් මහතා එම තානාපති කාර්යාලයේ නිලධාරීන් , ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.   

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් ගුවන් යානා 02ක් කටුනායකට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් ගුවන් යානා 02ක් කටුනායකට

උසස් පෙළ උත්තර පත්‍රවලට ආපදාවෙන් හානියක් වෙලාද?

උසස් පෙළ උත්තර පත්‍රවලට ආපදාවෙන් හානියක් වෙලාද?