සුපිරි ගණිකා නිවාසයකින් 19 සහ 33 අතර කතුන් 08ක්..හසුවූ තරුණියන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින්.(VIDEO)

luxury brothel
By Thaya Dec 26, 2020 07:19 PM GMT
Thaya

Thaya

Report

ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාසයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එහිදී කළමනාකරු ඇතුළු කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ගල්කිස්ස අපරාධ කොට්ඨාශ අංශයේ ස්ථානාධිපති වෙත ලද තොරතුරක් මත ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා මගින් සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමෙන් අනතුරුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාවන් අම්බලන්තොට, කටාන, බණ්ඩාරගම, දොම්පේ යන ප්‍රදේශයන්හි පදිංචිකාරිණියන් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් වයස අවුරුදු 19 ත් 33 අතර පසුවන කාන්තාවන් බවයි වාර්තාවන්නේ.

තම නිවැසියන්ට කොළඹ ප්‍රදේශයේ රැකියාවන්හි නිරතවන බව පවසා ඔවුන් මෙලෙස ගණිකා සේවයේ නිරතව සිට ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.