සීග්‍රයෙන් පැතිරයන නව කොරෝනා ප්‍රභේදයට ගොදුරු වන වයස් සීමාව මෙන්න...පිරිසකට රතු එළියක්.

corona virus rapidly
By Thaya Dec 26, 2020 07:19 PM GMT
Thaya

Thaya

Report

එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදය වැඩි වශයෙන්ම ගොදුරු කර ගනිමින් සිටින්නේ තරුණ ප්‍රජාව බවට වාර්තා වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

එංගලන්තයෙන් දැනට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 60ක් නව වයිරස් ප්‍රභේදයට ගොදුරු වූවන් බවට වාර්තා වන බවත් එංගලන්තයෙන් මේ නව වයිරසය වාර්තා වී දින දෙකක් ගත වන විටදී ඕස්ට්‍රේලියාවෙන් නව ආසාදිතයන් වාර්තා වූ අතර කොතරම් වේගයකින් මේ නව වයිරස ප්‍රභේදය ව්‍යාප්ත වන්නේද යන්න එමඟින් තහවුරු වන බවත් ඔහු කීය.

මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීම යනාදී සැලසුම්වලට මේ වයිරස් ප්‍රභේදයෙන් බාධා එල්ල විය හැකි බවත් වයිරසයට එරෙහිව උපක්‍රමශීලීව කටයුතු කිරීමෙන් බාධාවන් මැඬ පවත්වා ගැනීමට හැකි වන බවත් හෙතෙම පැවැසීය.

ලෝකයේ ව්‍යාප්ත වන මේ නව වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණ තිබේද, පැමිණ නැද්ද, ඉදිරියේදී පැමිණෙයිද කියා තවමත් කිසිදු නිගමනයක් නොමැති බවත් චීනය, නවසීලන්තය කොවිඩ් දෙවැනි රැල්ල සාර්ථකව මර්දනය කළා මෙන් අපේ රටට සුදුසු උපක්‍රම ඉක්මණින් ක්‍රියාවට නැංවිය යුතු බවත් ඔහු කියා සිටියේ.

සමාජයේ රෝගීන් සිටින තාක් කල් වයිරසයේ අවදානම පහව නොයන්නේ යැයිද ගෝලීය වසංගතය බාධාවක් නොකර ගැනීම සඳහා ආසාදිතයන් හැකි තරම් හඳුනා ගැනීම, පී.සී.ආර් ධාරිතාව ඉහළ නැංවීම යනාදිය සිදු කළ යුතු යැයිද ඒ මහතා කීය.