ශ්‍රී ලංකා ධජය සහිත වෙළෙඳ දැන්වීම amazon වෙබ් අඩවියෙන් ඉවතට

Amazon
By Thaya Mar 13, 2021 07:09 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් amazon වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ. බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.-උපුටා ගැනීම - චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන ගැනීමට ලැබී ඇත. මෙම තොරතුර ලද වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී, ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

තානාපති කාර්යාලය විසින් ඇමසොන් වෙබ් අඩවිය මත මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස ලිපියක් මගින් ඉල්ලා සිටින ලදී. මේ වන විට එම දැන්වීම ඇමසොන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ. මෙම තානාපති කාර්යාලය මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගනු ඇත. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයබීජිං - උපුටා ගැනීම අවසන් - amazon වෙබ් අඩවියට පිවිසීමේ දී එම වෙළෙඳ දැන්වීම ඉවත් කර ඇති අයුරු මෙලෙස දැක්විය.