වරායේ බටහිර පර්‍යන්තයට ඉන්දියාවේ අදානි සමාගම එයි. ජපානය නිහඬ පිළිවෙතක.

India Sri Lanka
By Thaya Mar 03, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තය ඉන්දියාවේ අදානි සමුහය සමග එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා. එය වසර 35 ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදිමේ පදනම යටතේ මෙම යෝජනාවට අනුමැතිය දුන් බවයි කැබිනට් මණ්ඩලය නිවේදනය කළේ.

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තයේ සංවර්ධන කටයුතු සදහා ආයෝජකයෙකු ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකාව මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට හා ජපන් තානාපති කාර්යාලයට ඉල්ලිමක් කළේ පසුගිය මාසයේදීයි. ඉන්දිය තානාපති කාර්යාලයේ එකගතාව මත අදානි සමාගම නම් කර ඇති අතර ජපන් රජය කිසිදු ආයෝජකයෙක් නම් කර නැහැ. අදානි සමාගමේ මෙරට නියෝජිතායතනය ලෙස ජෝන් කීල්ස් සමාගම ද නම් කර තිබෙනවා