මෝටර් රථයක් මව සහ දියණිය ගමන් කල යතුරු පැදිය යටකර පලා යයි (CCTV)
Kurunagala
car
Accsident
vedio
Cctv
By Sithumi
දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, කොතලාවල විදුහල ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර අනතුර සිදුකළ මෝටර් රථය පළාගොස් ඇති බව පොලීසිය පවසයි. අප වාර්තාකරු පැවසුවේ, දියණිගයේ තත්ත්වය බරපතළ බවය. කුරූණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ මොටර් රථයක් එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක ගැටී ඊයේ (17) එම අනතුර සිදුව තිබුණි. අනතුර සිදුවන ආකාරය මාර්ගය අසල වෙළෙඳසැළක සවිකර තිබූ CCTV කැමරාක සටහන්ව තිබුණි. අනතුර සිදුකර පළා ගිය මෝටර් රථයේ රියදුරු සොයා විශේෂ පොලිස් කාණ්ඩායමක් යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.