බීමත්කම සහ අධික වේගය නිසා මහරගමදී සිදුවූ රිය අනතුර

Police Accident
By Thaya Feb 20, 2021 06:00 PM GMT
Thaya

Thaya

Report

බීමත්ව සහ අධික වේගයෙන් රියැදුරන් විසින් මහරගම දෙසට ධාවනය කරමින් සිටි මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර් රථයක රියැදුරුට සිය රථය පාලනය කර ගැනීමට නොහැකිවී පරණ කොට්ටාව මාර්ගයේ උඩහමුල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබුණා. ත්‍රීරෝදරථයක හා වාහන අලෙවිසැලක ආරක්ෂිත වැටේ ගැටීමෙන් පසු අධික වේගයෙන් පැමිණි මෝටර් රථය මාර්ගයේ පෙරලි ගොස් තිබු අතර වාහන අලෙවි සැලේ තිබු වාහන කිහිපයකද හානි සිදුවී තිබුණා. මෙම අනතුර ඊයේ රාත්‍රී 12.00 ට පමණ සිදුව තිබුණා.