කොරෝනා හැදුණ කතක් වැටුප් ගන්න කොල්ලුපිටිය කාර්යාලයට ගිහින්
Corona
By Thaya
වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත කාත්තාවක වැටුප් ලබාගැනීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් වෙත යාම හේතුවෙන් එම කාර්යාලයේ 8 දෙනකු ඇතුළු 47 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව
සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.
මෙම කාන්තාව කොල්ලුපිටිය ප්‍රදේශයේ කාර්යාලයක පවිත්‍රතා අංශයයේ සේවිකාවක බවත් ඇයට ඉකුත් 30 වැනිදා පී.සී.ආර්. පරික්ෂණය කර එම වාර්තාව ලැබෙන තෙක් නිවසේ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඇයගේ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා 31 වැනිදා ලැබීමෙන් පසු කොටුවිල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් මත ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා රැගෙන යෑමට ගිලන් රථයක් සමග ඇයගේ නිවසට පැමිණියද ඇය වැටුප් ලබාගැනීමට ත්‍රිරෝද රථයකින් කොල්ලුපිටියේ කාර්යාලයට ගොස් ඇති බවට වාර්තා වී ඇත