සදහටම ඉකිලි වැලමිට ප්‍රදේශ සුදු කරගන්න ක්‍රමයක්

whiten elbow areas
By Thaya Feb 10, 2021 05:32 PM GMT
Thaya

Thaya

Report

පැහැ­පත් සුන්දර සමක් කියන්නේ සුන්ද­ර­ත්වයේ මූලික අංග­යක් වුවත් වය­ස්ගත වීමත් සමඟ සම විවි­ධා­කාර ගැට­ලු­ව­ලට මුහුණ දීම සාමාන්‍ය තත්ත්ව­යකි. විශේ­ෂ­යෙන් සිරුරේ අත් යට, කිහිලි, ඉකිලි වැනි ස්ථාන කළු පැහැ වීම බොහෝ කාන්තා­වන්ගේ සිතට වද දෙන ගැට­ලු­වකි. වයස 35, 40 වන විට මේ තත්ත්වය වැඩි­පුර දැකිය හැකිය.

ඊට ප්‍රධා­න­තම හේතු­වක් වන්නේ ඔබේම නොසැ­ල­කිල්ල බව කිව­හොත් ඔබ ඇතැම් විට මවි­ත­යට පත්වේවි. නමුත් එය ඔබ සිතා­මතා සිදු­ක­රන වර­දක් නොවන බවත් කිව යුතුය. අත් යට සහ ඇතැම් විට ඉකි­ලි­වල (බිකිනි ප්‍රදේ­ශයේ) අන­වශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා කාල­යක් තිස්සේ රේසර් කිරී­මට හුරුවී තිබීම එම ස්ථාන කළු­පැහැ වීමට බල­පාන මූලික හේතු­වයි. ඊට හේතුව රේසර් කිරී­මේදී එම ස්ථාන­වල ඇති සියුම් සම නිතර මැදී­ම­කට ලක්වී­මෙන් කල් යත්ම එම ස්ථාන රළු වී සම අව­පැහැ ගැන්වී­මට පටන් ගැනී­මයි. එමෙන්ම රේසර් කිරී­මේදී කෙස් ගස සම්පූ­ර්ණ­යෙන් ඉවත් කිරී­මක් සිදු­නො­වන අතර උඩින් කැපී යෑමක් පම­ණක් සිදුවේ. එසේ ඉති­රි­වන කෙස් ගස සම ඇතු­ළත තිබීම නිසා එය කළු පැහැ­යෙන් පෙනේ.

එමෙන්ම අත් යට වැඩි­පුර දහ­දිය දමන බැවින් එම ප්‍රදේ­ශයේ ආම්ලික තාවය ඉහළ නිසා නිතර බැක්ටී­රියා වර්ධ­නය වීමක්ද සිදුවේ. ඒ නිසාද අත් යට වැඩි­පුර කළු­පැහැ ගැන්වේ. එම නිසා එම තත්ත්වය වළක්වා ගැනී­මට ප්‍රමි­ති­යෙන් ඉහළ ගුණා­ත්මක ඩියෝ­ඩ්‍රන්ට් වර්ග­යක් භාවි­ත­යට හුරු­වී­මද සුදු­සුය.

ඊට අම­ත­රව අත් යට, ඉකිලි සහ කිහිලි කළු පැහැ වීමට බල­පාන තවත් හේතු­වක් වන්නේ වය­සත් සමඟ ඇති­වන හෝර්මෝන වෙන­ස්කම්ය. සාමා­න්‍ය­යෙන් වයස අවු­රුදු 30 පසු­වන විට හෝමෝන ක්‍රියා­කා­රී­ත්වයේ වෙන­සක් සිදු­වන අතර ඒ හේතු­වෙන් සම මත අඳුරු පැල්ලම්, ලප ආදිය ඇති විය හැකිය. හෝමෝන ක්‍රියා­කා­රී­ත්ව­යන් අපට වෙන­ස්කළ නොහැකි වුවද අප විසින් සිදු කරනු ලබන වැරදි රූප­ලා­වණ්‍ය සත්කා­ර­ව­ලින් වැළකී සිටී­මෙන් සම මත ඇති­වන අන­වශ්‍ය කළු පැහැ ගැන්වීම් වළක්වා ගත හැකිය.

සති­ය­කට දින දෙකක් පමණ දෙහි සත්කා­රය කරන්න. ඒ සඳහා සම හොඳින් සෝදා පිරි­සුදු කර­ගෙන කළු­පැහැ ගැන්වී ඇති සම මත දෙහි යුෂ ආලේප කරන්න. බිකිනි ප්‍රදේ­ශ­ය­ටද මෙම දෙහි සත්කා­රය භාවිත කළ හැකිය.

කළු පැහැ­ගැන්වී ඇති සමට කිරි­ව­ලින් ස්ක්‍රබ් කිරී­මද කදිම සත්කා­ර­යකි. ඒ සඳහා ෆ්‍රෙෂ් මිල්ක්ව­ලට දෙහි යුෂ ස්වල්ප­යක් එක්කර හොඳින් මිශ්‍ර­කර අය සම මත ගල්වා හොඳින් ස්ක්‍රබ් කරන්න. සති­ය­කට දින 2ක් පමණ මෙසේ කිරී­මෙන් ක්‍රම­යෙන් එයින් සමේ කළු පැහැය ඉවත් වනු ඔබට දැක­ගත හැකිය. ඊට අම­ත­රව නිත­රම දහ­ඩිය හොඳින් උරා­ගන්නා රෙදි­ව­ලින් නිම­කළ යට ඇඳුම් ඇඳී­මත් අධි­කව දහ­ඩිය දමන්නේ නම් PICKLEHEET පවු­ඩර් වර්ග­යක් පාවිච්චි කිරී­මත් සුදු­සුය.

සිරුර සිසිල් කර­වන ආහා­ර­පාන වැඩි­පුර ගැනී­මද සුදු­සුය. උදෑ­ස­නට සහ දවල්ට බීට්, කැරට් සහ පිපි­ඤ්ඥා­ව­ලින් සාදා­ගත් Smoothie පාන­යක් ගැනී­මෙන් සිරුරේ සිසිල් බව රඳවා ගත හැකිය.

දහ­දිය දැමීම සහ සිරුරේ උෂ්ණ­ත්වය අධික නම් සුදු­සු­කම් ලත් වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් ප්‍රති­කාර ලබා­ගැ­නීම ද සුදුසු බව මතක තබා­ගන්න.

වයස අව­රුදු 30න් පසු සම පිළි­බඳ වැඩි සැල­කි­ල්ලක් දැක්වීම අවශ්‍ය වන අතර සමේ තෙත­ම­නය රකින මොයි­ස්ච­ර­යි­සර් ක්‍රීම් වර්ග­යක්, රාත්‍රී ක්‍රීම් වර්ග­යක්, දිවා කාලයේ අව්වට යන විට සන් ක්‍රීම් වර්ග­යක් භාවිත කිරී­මද සුදු­සුය. එවැනි ආලේ­පන වර්ග තෝරා­ගන්නා විට තමන්ගේ සමට ගැළ­පෙන ප්‍රමි­ති­යෙන් යුතු නිෂ්පා­ද­නම තෝරා ගැනී­මට සැලි­කි­ලි­මත් වන්න. එමෙන්ම දින­කට වතුර ලීටර් 2ක්වත් පානය කිරී­මත් පෝෂ්‍ය­දායී ආහාර රටා­ව­කට හුරු­වී­මත් අත්‍ය­වශ්‍ය බවද කිව යුතුය.

සමේ අඳුරු බව දුරු­කර ගැනී­මට තවත් ප්‍රති­ඵ­ල­දා­යක සත්කා­ර­යක් වන්නේ කිරි ස්නාන­යයි. එමෙන්ම කිරි­ව­ලින් සාදා­ගත් මාස්ක් එකක් භාවිත කිරීම කළු පැහැ ගැන්වී ඇති සමට විස­ඳු­මකි. එම සත්කා­රය සිදු­ක­රන්නේ කිරි තර­මක් උණු­කර එහි ඇති මේද කොට­සට දෙහි යුෂ ස්වල්ප­යක් එක්කර හොඳින් මිශ්‍ර­කර සම මත තැව­රී­මෙනි.

අන­වශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා රේසර් කිරීම නතර කර වැක්ස් කිරී­මට හුරු­වන්න. ඒ සඳහා ප්‍රමි­ති­යෙන් උසස් ගුණා­ත්මක වැක්ස් නිෂ්පා­ද­න­යක් තෝරා­ගැ­නී­මට පම­ණක් නොව සුදු­සු­ක­ම්ලත් පළ­පු­රුදු රූප­ලා­වණ්‍ය ශිල්පි­ය­කුගේ සහාය ලබා­ගැ­නී­ම­ටද සැල­කි­ලි­මත් වන්න. එසේ නිවැ­රදි ලෙස වැක්ස් කිරී­මෙන් කළු වූ සම සති කිහි­ප­යක් යන­විට යථා තත්ත්ව­යට පත්කර ගත හැකිය.