ඉදිරි සති වල කොවිඩ් වර්ධනය වියහැකි බවට අනතුරු ඇඟවීමක්
වර්තමානයේ රට පුරා කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමට ප්‍රධානත ම හේතුව පසුගිය උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ ආකාරයෙන් සංචරණ සීමා පැනවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කළ නොහැකි මට්ටමට අද වනවිට කොවිඩ් වසංගතය ව්‍යාප්ත වී ඇති බව පෙන්වාදෙන උපුල් රෝහණ මහතා පවසන්නේ හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් ද දක්නට ලැබෙන බවය.
ඉදිරි සති කිහිපය තුළ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩ පවතින බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා,
“පසුගිය දෙසැම්බර් 25 වන දා සහ නව අවුරුදු උදාව සමග රජයෙන් සහ ප්‍රතිපත්ති තීරකයින්ගෙන් ඉල්ලා සිටියා විශේෂයෙන්ම අවම වශයෙන් දිස්ත්‍රික්ක තුළ හෝ සංචරණය සීමා කිරීමට සංචරණ සීමා පනවන්නට කියලා. ඒ වාගේම අපි තදින්ම අවධානය කර සිටියා ලංකාවේ බස්නාහිරි පළාතේ හෝ කොවිඩ්-19 පැතිර යන අවදානම් ප්‍රදේශවලින් ජනතාව කොළඹින් බැහැර ප්‍රදේශ සඳහා දීර්ඝ වශයෙන් ගමන් කරමින් ඉන්නවා. මේ තත්ත්වය වළක්වාගැනීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් සතුටුදායක ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා අපට පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වාගේම කිසිදු සංචරණ සීමාවක් පනවන්න කටයුතු කළෙත් නැහැ. මේ තත්ත්වය නිසා කොළඹින් බැහැර අනෙකුත් ප්‍රදේශවල ජනතාව අවාසනාවන්ත ලෙස මුහුණ දෙමින් ඉන්නවා. මේ වෙද්දි විශාල රෝගීන් සංඛ්‍යාවක් ආසන්න වශයෙන් රෝගීන් 600ක සංඛ්‍යාවක් දෛනිකව වාර්තාවීමට පටන් අරගෙන තිබෙනවා. මේ වාර්තා වන රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කොළඹින් බැහැර ප්‍රදේශවලින් වාර්තාවෙනවා. කොළඹින් බැහැර ඈත පිටිසර ත්‍රිකුණාමලය, අනුරාධපුරය, ගාල්ල, හම්බන්තොට, මාතර වැනි දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා. ඒ වගේම මීට අමතරව දැනට මේ දිස්ත්‍රික්කවල රෝගය යම් පාලනය කිරීමේ අපහසු තත්ත්වයකට යම් යම් ස්ථානවල පැතිරයමින් තිබෙනවා. ඒ වාගේම හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර වර්ධනය වෙමින් තිබෙනවා. ඒ වාගේම විදෙස්ගතවීම සඳහා PCR පරික්ෂණවලට යොමුවන අය අනපේක්ෂිතව ආසාදිතයෝ බවට වාර්තාවෙනවා. ඒ නිසා කොළඹින් බැහැර ප්‍රදේශවල මහජනතාවට විශාල අවදානමක් ඇතිවෙලා තිබෙනවා.“