කොවිඩ් රෝගීන් 389ක් සහ මරණ 3ක් වාර්තා වූ ගමක්
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ ජනතාව කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩිලෙස පීඩා විඳින බව වාර්තා වේ.
පසුගිය දෙසැම්බර් මස 14 වනදා සිට මේ දක්වාත් වේයන්ගල්ල මුස්ලිම් ගම්මානය හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට දින 23ක් වසාදමා ඇති බුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 සමස්ත රෝගීන් සංඛ්‍යාව 389කි.
අවස්ථා නවයකදී PCR පරීක්ෂණ 1,305ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 72ක් සිදුකර ඇති අතර ඉන් මෙම ආසාදිතයින් 389 හඳුනාගෙන තිබේ.
කොවිඩ් ආසාදිත මරණ 03ක් ද මෙම ගම්මානයෙන් වාර්තා වී ඇත.
බුලත්සිංහල මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ඒ.සී. රණවක මහතා පැවසුවේ ඊයේ (04) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 247ක් තුළින් කොවිඩ් රෝගීන් 05 දෙනෙකු ද හඳුනාගත් බවය.
ඒ අනුව මෙම ප්‍රදේශයේ කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ වෙත මහත් වෙහෙසක් දැරීමට සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.