මුස්ලිම් ප්‍රජාවට දැඩි අවවාද සහ රටක නීතියට ගෞරව කරන ලෙසට ඔවුන්ගේම ආගම් නායකයෙක් කරපු සැර කතාව.

religious leader
By Thaya Jan 02, 2021 09:27 PM GMT
Thaya

Thaya

Report

විශේෂිත අවස්ථාවක මුස්ලිම් දේහයක් අදාහනය කිරීමට අවශ්‍ය වුවහොත් එයට විරුද්ධ නොවී ඉඩදෙන ලෙස ලෝක මුස්ලිම් කවුන්සිලයේ ප්‍රධාන පූජකතුමෙකු වන Muiz Bukhary තුමන් ලෝක ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙතුමා පවසනුයේ මුස්ලිම් දේහයක අවසන් කටයුතු කිරීමේදී අනිවාර්යයෙන්ම කාරණා 5ක් ඉටුකළ යුතුව ඇති බවයි.

නමුත් ඒ එක් කාරණවක්වත් මේ මොහොතේ ඇති කොවිඩ්-19 ආසාදිත දේහයන් වෙනුවෙන් ඉටුකළ නොහැකි බවද ඒ තුමා අවධාරණය කර සිටිනවා.

ඔබ ජිවත් වන්නේ කුමන රටකද ඒ රටේ නීතියට ගරු කිරීම සියලු පුර වැසියන්ගේ වගකීමක් බවද පෙන්වා දුන් එතුමන් නීතියට ගරු කරමින් කටයුතු කිරීම සමස්ත සමාජයේ වග කීමක් ලෙසම පෙන්වා දුන්නා.

එම නිතිය කඩ කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති අතර දැනට පවතින තත්ත්වය හමුවේ රජය සහ රාජ්‍ය බලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශය විසින් ලබා දෙන උපදේශ පිළිපදින්න රට වැසියන් බැඳී ඇති බවද ඔහු අවධාරණය කර සිටියා.

සෞඛ්‍ය අංශය විසින් ලබාදී ඇති නිර්දේශ පිළිපැදිය යුතු අතර එය ආරක්ෂා කිරීමට ජනතාව කටයුතු කිරීම විනා වීරෝධතා දක්වමින් සහ රණ්ඩු සරුවල් කිරීම මෙන්ම නිතිය කැඩීම සිදු නොකළ යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ වැනි අවස්ථාව රජය හෝ බලධාරීන් විසින් යම් වරදක් සිදු කරන්නේ නම් ඊට සමාව ලබාදීමට හැකිනම් එයයි අල්කුරානයෙන් අල්ලාහ් දෙවියන් සඳහන් කර ඇත්තේ යනුවෙන් එම පූජකතුමන් ලෝක ජනතාව වෙනුවෙන් දේශනයක් පවත්වමින් කියා සිටියා.

එම දේශනයේ වීඩියෝව සම්පුර්ණයෙන් නරඹන්න.