තම බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාට සිංගප්පූරුවේදී ලැබෙන දඬුවම. (VIDEO)
සිංගප්පුරු පොලීසිය අද (11) සිය බිරිඳව ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ ශ්‍රී ලාංකිකයෙක්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
පසුගිය සිකුරාදා (09) උදෑසන 10.45ත් සවස 4.42ත් අතර එශාන් තාරක කෝට්ටගේ නමැති 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳව කැටොන්ග් නම් ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළදී ඝාතනය කර ඇති බවයි චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
එලෙස මියගොස් ඇත්තේ සෙව්වන්දි මදුකා කුමාරි නමැති කාන්තාවක්.
අදාල සැකකරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔහුව සතියක් බන්ධනාගාරගත කරනු ලැබුවා.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු පොලීසියට භාරවී ඇති අතර පසුව පොලිස් කණ්ඩායමක් අදාළ හෝටලයේ කාමරයක තිබී 32 හැවිරිදි කාන්තාවගේ සිරුර සොයාගෙන තිබුණා.
ඒ, අනුව මෙම ඝාතනයට වැරදිකරු වුවහොත් සැකකරුට මරණ දණ්ඩනය හිමිවන බවයි චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය පවසන්නේ.