බස්නාහිරින් යන එන අයට විශේෂ නිවේදනයක්.

Covid Police Ajith rohana Western provings
By Aruna Apr 29, 2021 02:45 AM GMT
Report

කොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිතය.

පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සෞඛ්‍ය අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව පහත දැක්වෙන තෝරාගත් ස්ථානවල දී එම පරීක්ෂාවන් සිදුකරන බවත් එහිදී අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ජනතාව යොමුකිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පරීක්ෂාවන් සිදුකරන ස්ථාන

01. කොච්චිකඩේ තෝප්පුව පාලම 02. කොටදෙණියාව බඩල්ගම පාලම 03. නිට්ටඹුව හැලගල හන්දිය 04. මීරිගම ගිරිඋල්ල පාලම 05. දොම්පේ සමනබැද්ද පාලම 06. හංවැල්ල වනහාගොඩ පාලම 07. අලුත්ගම බෙන්තර පාලම 08. තිනියාවල හන්දිය 09. ඉංගිරිය කැටකැදැල්ල පාලම 10. බදුරලිය - කලවාන සමන් දේවාලය අසල 11. මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම 12. දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව අසල

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi