නීති කඩමින් පවත්වාගෙන ගිය "ස්පා" එකක් වටලයි..සම්භාහනයට 5000ක් අයකරලා.
Police
Gagana
Gossip
By Thaya
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු අද(25) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ආරක්ෂිත විධි විධාන උල්ලංඝනය වන ආකාරයට පවත්වාගෙන ගිය මෙම සම්බාහන මධ්‍යස්ථානය මොරටුව ලුනාව ප්‍රදේශයේ තාවකාලික කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක පවත්වාගෙන ගොස් ඇත.
පාරිභෝගිකයන්ගෙන් රුපියල් 5000ක මුදලක් ලබාගෙන ඇති අතර ඇතුලුවීමේ ගාස්තු රුපියල් 3000ක් ලෙසත් සේවා සැපයුම් සඳහා රුපියල් 2000ක් වන ලෙසත් මෙම මුදල අය කර ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් පොළොන්නරුව,අනුරාධපුරය යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සම්භාහන මධ්‍යස්ථානය පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙන අතර මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි