ශ්‍රී ලංකාවේ වැරදි හොයන්න වෙනම කාර්යාලයක්
Sri Lanka
By Thaya
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී සම්මත කරන ලද යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් කොමිසම විසින් විශේෂ කාර්යාලයක් පිහිටු වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් වල පැරණි තොරතුරු සාක්ෂි රැස් කිරීමත්, මෙරට වර්තමාන මානව හිමිකම් ප්‍රශ්න ගැන අධීක්ෂණය කිරීමත් මෙම කාර්යාල පිහිටුවීමේ අරමුණයි.
ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 28 ක මුදලක් වෙන් කිරීමට නියමිතය.
කිසියම් රටක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව නඩු පැවරැවහොත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සැපයීම සදහා මෙම කාර්යාලයට බලය ඇත.
එමෙන්ම ඊට වෙනම නීති උපදේශකයන් පිරිසක් පත් කිරීමට නියමිතව තිබේ.