ගුරුවරයෙකුට කොරෝනා නිසා පාසලක් හදිසියේ වසා දමයි.

Covid-19
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Report

පාසලේ ගුරුවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවීම හේතුවෙන් කල්පිටිය නිර්මල මාතා මහ විදුහල තාවකාලිකව වසා දමා ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි.

පෙබරවාරි මස 8 වැනිදා දක්වා එම විදුහල තාවකාලිකව වසා දමා ඇත.

වෛරසය ආසාදිත ගුරුවරයාගේ ආශ්‍රිතයින් වශයෙන් හදුනාගත් සිසුන් දොළොස්දෙනෙකු සහ ගුරුවරු ගුරුවරියන් විසිඅටදෙනෙක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු 41දෙනෙකු අද (02) දින පී.සී.ආර්. පරීක්ෂාවන් සදහා යොමු කර තිබේ.