හිමිනමකට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි සත්‍යග්‍රහයක්

Arrest
By Thaya Jan 31, 2021 06:01 PM GMT
Thaya

Thaya

Report

වටරැක, ලීනාවත්ත ආරණ්‍ය සේනාසනයට බලහත්කාරයෙන් කඩා වැදී හිමිනමකට පහරදුන් සැකකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් තවත් හිමිනමක් සත්‍ය්‍රගහයක් ආරම්භ කර තිබේ.

ඒ පාදුක්ක පොලිසීය ඉදිරිපිටදීය.

රජයේ බදු ඉඩමක මූලික පිරිවැය යොදමින් ආරණ්‍ය සේනාසනය පිහිටුවනු ලැබීමට අවශ්‍යය මූලික අදියරේ කටයුතු සිදුකිරීමට 2012 වසරේදී පාදුක්ක ප්‍රදේශයේ දානපතිණියක් ක්‍රියාකර තිබුණි.

ඇයගේ අභාවයෙන් පසු තවත් පිරිසක් එම ස්ථානය සිය මෙහෙයුම් මැදිරියක් ලෙස පවත්වා ගෙන ගොස් තිබේ.

එවන් පසුබිමක එම පිරිස ඉවත් කිරීමට කටයුතු කර 2019 වසරේ දෙසැම්බර් 2 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් ගමේ දායක සභාව වෙත අදාළ භූමියේ නීත්‍යාකූලව බදු පැවරුම් ගිවිසුම දීර්ඝකාලීනව භාර කර තිබුණේ පාදුක්ක ලීනාවත්ත ආරණ්‍ය සේනාසනයක් පවත්වා ගෙන යාම සඳහාය.

අද වන විට භික්ෂුන් වහන්සේ 5 නමක් එම ස්ථානයේ වැඩ සිටී.

මෙවන් පසුබිමක පසුගිය 25 වනදා යළිත් ආරණ්‍ය සේනාසනයට බලහත්කාරයෙන් ඇතුළුවු පිරිසක් නායක ස්වාමින්වහන්සේ නමට පහරදී ‍දේපලවලට හානි කර තිබුණි.

අදාළ සිද්ධියේදී පහරකෑමට ලක්වූ හිමිනම කලුබෝවිල ශික්ෂණ රෝහලේ මේවන විටත් ප්‍රතිකාර ලබයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිමිනමක් ඇප මත මුදා හැර තිබුණි.