පොලිස් ඇඳුමින් සැරසුණු කොල්ල කල්ලියක් ගැන හෙළිදරව්වක්

Police
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

පොලිස් නිලධාරීන් යැයි හඳුන්වමින් නිවෙස්වලට පැමිණ මුදල් කොල්ලකන කල්ලියක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් යැයි පවසමින් පැමිණි පිරිසක් පසුගිය 03 වනදා රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් කොල්ලකා පළාගොස් තිබුණු අතර කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවෙසක් ද ඒ ආකාරයෙන්ම කොල්ලකා ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් සොයා විමර්ශන සිදුකෙරෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජකාරි සඳහා නිවෙසකට පොලිස් නිලධාරීන් පැමිණෙන්නේ නම් ඔවුන් හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවත් විශේෂ අවස්ථාවකදී හැර අනෙකුත් සියලුම අවස්ථා වලදී පොලිස් නිලධාරීන් පැමිණෙනු ඇත්තේ පොලිස් වාහන වලින් බවත් පැවසූ ඒ මහතා යම් අවස්ථාවක සිවිල් ඇඳුමින් සැරසුණු අය පොලිස් නිලධාරීන් යැයි පැවසුවොත් ඔවුන්ගේ හැඳුනුම්පත් ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇති බවත් අවධාරණය කළේය.