සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක්?

Health ministry
By Thaya Dec 28, 2020 03:05 PM GMT
Report

කොවිඩ් මරණ පිළිබදව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

කොවිඩ් - 19 වෛරසය ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරිම සම්බන්ධව සමහර දේශපාලනඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදු කරන බවට පෙනී ගොස් ඇත.

එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රභල දේශපාලන චරිත ඈදාගෙන සමහර වෙබි අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියළු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මියයන සියළු දෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදු කෙරෙන අතර, සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.