ගංගා ආශ්‍රිතව නැවතත් වැලි සමීක්ෂණයක් හා ජලය ආශ්‍රිත විද්යුත් සමීක්ෂණයක්

River Sand
By Thaya Feb 07, 2021 08:47 PM GMT
Thaya

Thaya

Report

අප රටේ ගංගා ආශ්‍රිතව නැවතත් වැලි සමීක්ෂණයක් හා ජලය ආශ්‍රිත විද්යුත් සමීක්ෂණයක් පවත්වන්නට තීරණය කරන ලදැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අප රටේ ගංගා හා ඔයවල් සහිත ස්වාභාවික ජලවහන පද්ධතිය තුළ ගංගා 103ක් තිබෙනවා. මෙම ගංගා හා ඔයවල් සහිත ජලවහන පද්ධතිය තුළික් අපේ රටේ ජනතාවගේ පානීය හා කෘෂිකාර්මික ජල අවශ්‍යතා සම්පුර්ණ කරනවා. ඒ අතරින් ප්‍රධාන ගංගා කිහිපයක් මගින් නාගරික ජනතාවට පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කෙරෙනවා. ගම්වල ජීවත්වන ජනතාවට ලිං ජලය පානය සඳහා යොදා ගත්තත් නාගරික ජනතාවගෙන් අති බහුතරයකට ලිං ජලය පානීය ජල අවශ්‍යතා සඳහා යොදා ගන්නට බැහැ. නිදසුනක් වශයෙන් කොළඹ නාගරික සීමාවේ හා ඉන් තදාසන්න ව ජීවත්වන ජනතාවට භූගත ජලය පානීය අවශ්‍යතා සඳහා යොදා ගැනීම තහනම් කර තිබෙනවා. එයට හේතුව තමයි භූගත ජලය දූෂණය වීම.

කැළණිගඟ, මහවැලි ගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ හා කළු ගඟ ආදි ගංගා ආශ්‍රිතව තමයි වැඩි පිරිසක් නාගරික ජනතාව පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නේ. මේ නිසා මෙම ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. 2019 දී තමයි අවසන් වරට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැලි හා ජලය ආශ්‍රිතව විද්යුත් සමීක්ෂණ දෙකක් සිදු කර තිබෙන්නේ. වර්තමානය වන විට ගංගාවල වැලි කැණීම් සිදු කිරීම ඉහළ ගොස් තිබෙනවා. එමනිසා ගංගාවලට සිදු විය හැකි හානිය සොයා බැලීම සඳහා මෙම සමීක්ෂණ වහාම අරඹන ලෙස මම භූ විද්‍යා සමීක්ෂණ මා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මිද්දෙණිය ශ්‍රී මුචලින්දාරාමයේ දී පැවැති රුක් රෝපණ වැඩ සටහනකට සහභාගි වෙමිනි. ආගමික ස්ථාන ආශ්‍රිතව ඔසු වන දහසක් පිහිටුවීමේ වැඩ සටහනට සමගාමීව එම විහාරස්ථානයේ ඔසු වනය සඳහා පැළ රෝපණය කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

එම අවස්ථාවට ගම්වාසින් හා ප්‍රාෙද්ශීය දේශපාලනඥයින් කිහිප දෙනෙක් ද සහභාගි වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා :

අද නැවතත් සංවර්ධන වැඩ සටහන් ඇරඹී තිබෙනවා . එම ව්‍යාපෘති සඳහා වැලි, කළුගල්, පස් අවශ්‍යයි. මේවා පිටරටින් ගෙන්වන්නට බැහැ. අපේ රටෙන්ම තමයි ලබා ගත යුත්තේ. සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව සමතුලිතව පවත්වාගෙන යාමට නොහැකි වුවත් අපි හැකි තරම් එම සමතුලිතබව ආරක්ෂා කරඩ ගැනීමට කටයුතු කරනවා. ඒ නිසා තමයි මම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේ ගංගා ආශ්‍රිතව වැලි පිලිබඳ නැවතත් සමීක්ෂණයක් සිදු කිරීමට. වැලි කැනීමේ දී ගංගා පතුලට හානි වුවහොත් මුහුදු ජලය ගඟ තුළට ඇතුලු වන්නට පටන් ගන්නවා. එවිට මහජනතාවට උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා තමයි ගංගාවල වැලි හා ජලයේ ලවණතාවය ගැන නැවතත් විමර්ශණයක් සිදු කිරීමට තීරණය කළේ. එම කටයුතු අපි කඩිනමින්ම ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.