ඇස්ට්‍රා සෙනෙකා එන්නත නාසයට ඉසින්න නව ක්‍රමයක්!!!
ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ් වෛරසයට එරෙහි එන්නත නාසයට ඉසින (Spray ආකාරයට) සැකසීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින්. එන්නත රහිත ක්‍රමයක් යටතේ මෙම ඖෂධය ලබාදීම පිළිබඳවයි එහිදී අවධානය යොමු වී ඇත්තේ. නාසික ඉසීම මගින් පෙනහළු, උගුර සහ නාසයෙහි ඇති ප්‍රතිශක්තිකරණ සෛල වඩා හොඳින් ඉලක්ක කර කොවිඩ් වෛරසයට එරෙහිව ආරක්ෂා කිරීමට වඩාත් ඵලදායී වනු ඇති බවට එම විද්‍යාඥයින් කණ්ඩායම විශ්වාසය පලකරනවා.
මේ සඳහා වැඩිහිටියන් 30 දෙනෙකු යොදාගෙන ලබන සතියේදී පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මූලික අත්හදා බැලීමේ කොටසක් ලෙස එය ආරක්ෂිත දැයි තහවුරු කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන 30 දෙනෙකු මාස 04 ක් මෙම පරීක්ෂණයට සහභාගිවීමට නියමිතයි. පළමු අදියර සාර්ථක වුවහොත්, වෛරසය වළක්වා ගත හැකිදැයි බැලීමට තවත් දස දහස් ගණනක් හෝ තවත් වැඩිහිටියන් සිය ගණනක් බඳවා ගනු ලැබීමට ඔවුන් අදහස් කරනවා. එන්නත් වලට බියක් ඇති සහ ලොව පුරා විසිරී යාමට බාධා ඇති සැපයුම් ගැටළු සමනය කළ හැකිබව, නාසික ඉසින එන්නත් හොඳ ප්‍රවෘත්තියක් වනු ඇති අතර මෙම ක්‍රමය දැනටමත් දරුවන්ගේ උණ රෝග සඳහා භාවිතා කරනු ලබනවා.