රවි, නවීන්,අර්ජුන, මර්වින්,ලක්ෂ්මන් ජනසෙනඟක් සමග කතරගමට...අළුත් දේශපාලන පෙරමුණක් !!

Ranil Wickremesinghe Ravi Karunanayake Arjuna Ranatunga Dr Mervyn Silva Kataragamam
By Thaya Jan 13, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

ඊයේ එනම් 12 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායකයන් වන රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රනතුංග , මර්වින් සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න ඇතුළු පිරිසක් කතරගම අධිෂ්ඨාන පූජාවක නිරත විය. එම වැඩ සටහනට ආධාරකරුවන් දහස් ගණනක් පැමිණ තිබීම නිසා එය නව දේශපාලන පෙරමුණක ආරම්භයක්ද යන සැකය බොහෝ දෙනෙක් තුල විය . කෙසේ වුවද වැඩ සටහන අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රවි කරුණානයක ‘නව දේශපාලන පෙරමුණක්’ ගැන කථාව ප්‍රතික්ෂේප කළේය .

” මෙය එජාපයේ කැඩී ගිය පාර්ශව යලි එක් කිරීම සහ රට වසංගතයෙන් මුදවා දෙන ලෙස කරන ලද දේව කන්නලව්වක් බව රවි කරුණානායක ප්‍රකාශ කළේය. මෙම වැඩසහනට එජාපයේ උපනායකයා ලෙස පත්වූ රුවන් හෝ ඔහුගේ කිසිම නියෝජිතයෙකු සහභාගි වී නොතිබුණි. මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරඹුණට සාපේක්ෂව අනෙක් පක්ෂ වල බිම් මට්ටම දියාරු වී ඇත. බිම් මට්ටම්ක් නැතැයි කීවද වරදි නැත. පසුගිය දශක දෙක පුරාම එජාපයේ බිම් මට්ට්ම ගැන කිසිවෙකු සැලකිළි මත් නොවුනි. රනිල් සැලකිලිමත් වූයේ කෘත්‍යධිකාරි මණ්ඩලය ගැන පමනි . රනිල්ගෙන් පුද පූජා ලැබුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ගජයන් පමනි. සජිත් එජාප සාමාජිකත්වය ගත් ඊලග පැයේ සිට නායකත්වයට කුරුමාණම් ඇල්ලුවේය . බිම්මට්ට්මේ සුභසාදන ගැන බැලීමට ඔහුටද කාලයක් නොවුනි. අවසානයේ එජාප බිම් මට්ටම නිහඬ මරණයකට ගොදුරු විය

කරුනු එසේ හෙයින් එජාප නායකයන් දැන්වත් සමගි විය යුතු බවත් එකාවන්ව බිම් මට්ටම ගොඩ නැගිය යුතු බව රවි කරුණානායක කීවේය. සියළු ජාතීන් එක් කරන ලක්වැසියන්ගේ මහ ගෙදර වන් වූ එජාපය යලි පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බව රවි කරුණානායක කීවේය.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery