ඇගලුම් කම්හල් 5කින් නව කොරෝනා රැල්ලක්...දැඩි අවදානම් තත්ත්වයක්.
කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් 5 කින් අද (17) වන විට ආසාදිතයින් 69 දෛනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1400 ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසනවා.
මේ වනවිට නිදහස් වෙළඳ කලාපයේ කොරෝනා පොකුර ඇඟලුම් කම්හල් 5 ක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් අනිකුත් ඇඟලුම් කම්හල් වෙත ද මෙකී කොරෝනා පොකුර ව්‍යාප්ත විමේ දැඩි අවදානමක් ඇති බවද කීය.
එක් ඇගලුම් කම්හළක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර තවත් ඇගලුම් කම්හලක 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.
මීට අමතරව තවත් ඇඟලුම් කම්හල් 3 කින් කොරෝනා ආසාදිත රෝගින් 6 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
දින 7 කාලයක් තුළ මෙම අසාදිත රෝගීන් වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි.
ඉකුත් 10 වැනිදා එක් ඇගලුම් කම්හළක සේවකයකුට හා සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මුලින්ම තහවුරු විය. මෙකී අවදානම් තත්වය පිළිබඳ තමන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.