දානේ ගෙදරකින් නව කොරෝනා පොකුරක් මතුවෙයි...විවිධ ප්‍රදේශ වලින් ඇවිල්ල.

Covid-19
By Thaya Apr 01, 2021 08:27 PM GMT
Report

මාතර දෙයියන්දර ගල්ඇටුඹ ගමේ දානෙ ගෙදරකට සහභාගී වූ 10 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගෙන ඇති බව මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.එල්. නන්දසිරි පැවැසීය. තණමල්විල ප්‍රදේශයේ සිට දානෙ ගෙදරකට පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකු ආපසු ගිය පසු තණමල්විලදී කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට වාර්තා වී ඇතැයිද හෙතෙම පැවැසීය. කඹුරුපිටිය රෝහලට ඇතුළත්ව සෙම රෝගයට ප්‍රතිකාර ලබාගත් ගල්ඇටුඹ ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිත බව රෝහල මගින් දැනුම් දීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් මොවුන් ආසාදිතයෝ බවට හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිත දසදෙනා, සීනිපැල්ල ගමෙන් තිදෙනෙක් හා ගල්ඇටුඹ ගමෙන් හත් දෙනෙක් ලෙස හඳුනාගෙන ඇත. කාන්තාවන් හයදෙනක්ද, පිරිමි හතර දෙනෙක්ද වන මෙම ආසාදිතයන් වැලිගම සහ හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පිටත්කර යවා ඇත.