සැමියා සමග බහින්බස්වූ තිදරු මව සියදිවි හානි කරගෙන

Suicide
By Thaya Jan 13, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

තම ස්වාමියා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරගිය යාම නිසා පල්ලෙදෙල්තොට ප්‍රදේශයේ වයස අවුරුදු තිස්දෙකක තිදරු මවක නිවස තුළ තිබූ ඔංචිල්ලාවේ ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන ඇත.මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත අතර බිරිඳට දුරකතන ඇමතුම් ගැනීමේදී බිරිඳගේ දුරකතනය නිතරම කාර්ය බහුල වීම නිසා ස්වාමියාට ඇය පිළිබඳව සැකසිතී ඇත. මේ පිළිබඳ සොයා බැලීම සඳහා ඊට පෙර දින (10 වැනිදා) රාත්‍රියේ ඔහු බිරිඳට නොදන්වා නිවසට පැමිණ ඇති අතර දුරකතනය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්න කිරීම් දුරදිග ගොස් දෙදෙනා අතර රණ්ඩුවක් ඇතිවී ඇත.පසුදින උදෑසන නිවසේ මුදුන් ලීයේ ගැට ගසා තිබූ ඔංචිල්ලාවේ ඇය එල්ලී සියදිවි නසා ගෙන ඇති බවට නිවැසියන් විසින් දැක ඇත. මියගිය කාන්තාවට වයස අවුරුදු 3,8 සහ 2ක දරුවන් තිදෙනකු ද සිටියි. මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි.