එකවරම කොවිඩ් මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වේ. අවදානම් තත්ත්වයක්

Covid-19
By Thaya Feb 05, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 339කි.

මෙලෙස මියගොස් ඇත්තේ මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බියගම ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක් සහ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි


Gallery