සුදු වෑන් වෙනුවට කළු වෑන් සංස්කෘතියක් ඇරඹිලා.. මාධ්‍යවේදියෙකු ගස් බැද පහර දීලා..

Police
By Thaya Mar 17, 2021 07:17 PM GMT
Report

2015ට කලින් පැවති රජයේ තිබූ සුදු වෑන් සංස්කෘතිය අද වන විට යළිත් කළු වෑන් සංස්කෘතියක් බවට පත්වී කරලියට පැමිණ ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජ. සී. අලවතුවල මහතා සඳහන් කරයි. පසුගිය සතියේ මාධ්‍යවේදියෙකු කළු වෑන් රථයකින් ගොස් ගස් බැඳ පහරදීම් සිදුකර ඇති බවත් මන්ත‍්‍රීවරයා කීය. මුදාහැරීමෙන් පසු මාධ්‍යවේදියා මේ වන විට ඔහු රෝහල් ගතව සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය. අද වන විට රටේ අපරාද වැඩිවෙමින් ඇති බවද පැවසූ ඔහු සුදු වෑන් සංස්කෘතිය නැවත ඇති නොවන්න කටයුතු කරන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටින බවද කීය. ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.