පිරිමින්ගේ විශාල අඩුවක්... වැඩක් තියේ...හොයාගන්න බැහැ

Workers
By Thaya Jan 24, 2021 03:01 PM GMT
Report

මෙරට පිරිමි පුද්ගලයන් රාජ්‍ය සේවයට එක්වීමේ විශාල අඩුවක් පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය ඉදිරියට පැවතුනහොත් ඉදිරියේදි රාජ්‍ය සේවය කාන්තාවන්ට පමණක් සිමා වනු ඇති බවයි මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ.

පිරිමි පාර්ශවය රාජ්‍ය සේවයට එක නොවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියා. මෙලෙස පිරිමි පුද්ගලයන් රාජ්‍ය සේවයට එක නොවීමට යම්කිසි වරදක් ඇති බවත් එම වරද කුමක් ද කියා තමන්ට ද වටහා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු මෙහි දී කියා සිටියා.