දකුණු කොරියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 245 දෙනෙකු අද දින උදෑසන දකුණු කොරියානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මෙලෙස විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස රැගෙන විත් තිබුණි .
ඔවුන් දකුණු කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඒ.එල්.- 9473 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 7.10 ට දකුණු කොරියාවේ ඉන්චියොන් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස , ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය වෙත කැදවා ගෙන ගොස් නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ වලට සහභාගී කර ගැනීමෙන් අනතුරුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ .