කොරෝනා හැදුණු පිරිසක් බස්නාහිරින් පිටවෙන්න යද්දී හමුවෙයි.. මෙන්න විස්තරය.

Covid-19
By Thaya Jan 16, 2021 06:32 PM GMT
Report

බස්නාහිර පළාතෙන් පිටතට යමින් සිටි පුද්ගලයින් පිරිසකට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී කොවිඩ් -19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (14) බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී මෙම පරීක්ෂාවන් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

එහිදී පුද්ගලයින් 326 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.