පොළොන්නරුවේ ගොවීන් පිරිසක් මාරාන්තික උපවාසයක.
ජනාධිපතිවරයාගේ නියෝග නොසලකා ගොවිතැන් කටයුතු අත්හිටුවීමට නිලධාරීන් ගත් තීරණයට විරෝධය පළ කරමින් පොළොන්නරුව වේරෝඩයාය ප්‍රදේශයේ ගොවි ජනතාව අද (10) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. මෙම උපාවසය ආරම්භ වුයේ වේරෝඩයාය අමුණ ආසන්නයේදී ය. ඒ තමන් වගා කරමින් සිටි කුඹුරු අක්කර 585ක භූමිය යළි වගාවන් සඳහා ලබාදෙන මෙන් ඉල්ලමිනි.
එම උපවාසය සඳහා ගොවීන් 40කට ආසන්න පිරිසක් එක්ව සිටිති. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනජීවි කලාපවල කලක් තිස්සේ වගාකළ ගොවීන්ට බාධා කිරීමකින් තොරව සිය වගා කටුයුතු කරගෙන යාමට ඉඩලබාදෙන ලෙස ජනාධිපතිවරයා මීට සති තුනකට පෙර "ගම සමඟ පිළිසඳර" වැඩසටහනට එක්වෙමින් උපදෙස් ලබාදුනි. එම උපදෙස් මත පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ වේරෝඩයාය ප්‍රදේශයේ ගොවීන් වගාබිම් යළි අස්වැද්දීමට පියවර ගෙන තිබුණද ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එම වගාකටයුතු වහාම අත්හිටුවීමට පියවර ගත්තේය.