විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට.

Sri Lanka Expatriate
By Thaya Apr 08, 2021 06:08 PM GMT
Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 25ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 1946 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ. ගුවන් යානා 12 කින් ගුවන් මගීන් 9727 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.පැමිණි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 225දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 154 දෙනෙකු සිටියි. ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

ගුවන් මගීන් 974දෙනෙකු ගුවන් යානා 13කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ. ඒ අතර එංගලන්තයේ ලන්ඩන් වෙත 248දෙනෙකු ද , සෞදි අරාබියේ දමාම් වෙත 185දෙනෙකු පිටත්ව ගොස් තිබේ. එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදේශීය සංචාරකයන් 23 දෙනකු ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.