එක්දරු පියෙක් ව අමානුෂික ලෙස ඝාතනය කෙරේ
Police
By Thaya
කඩවත, ඉහළ වියන්විල ප්‍රදේශයේ දී එක්දරු පියෙක් ව තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර තිබේ. ඊයේ (17) රාත්‍රී 8.30ට පමණ එම ඝාතනය සිදුව ඇතැයි කඩවත පොලීසිය පවසයි. බහින්බස් වීමක් දුරදිග යෑමත් සමග ඇති වු ගැටුමක් සමතයට පත්කිරීමට යාමේ දී 47 හැවිරිදි එම පුද්ගලයා සිය දියණිය ඉදිරිපිට දීම එලෙස ඝාතනයට ලක්ව තිබේ. ඝාතනය සම්බන්ධයෙන් කඩවත පොලීසිය විසින් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසිය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ද එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වේ.