කොරෝනා වනසන මුහුණු ආවරණයක්

Corona Virus
By Thaya Feb 26, 2021 05:54 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්-19 ඇතුළු වයිරස විනාශ කරන නවතම මුහුණු ආවරණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දිගු කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා තිබෙනවා.එම නවතම මුහුණු ආවරණය හඳුන්වාදීම අද(25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා

මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන කේ.එන් 95 මුහුණු ආවරණයට වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨ‍යේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වයිරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇති බවද සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වයිරස දින 7ක් පමණ පැවතුණද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ විශේෂ වෛද්‍ය චමින්ද හේරත් මහතා ප්‍රකාශකර සිටියා. මේ වන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බවයි. මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් පැවසීය.