ශ්‍රි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස රටට සෙත් පතා අධිෂ්ඨාන පූජාවක්.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් කොවිඩ් -19 වෛරසයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමත්, රටට සෙත් ශාන්තිය උදාකර දීමත් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුලු සියළු රටවැසියන්ට ආශිර්වාද ලබාදීමත් අරමුණු කොටගෙන ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ අභියස පවත්වන ලද ආශිර්වාද හා අධිෂ්ඨාන පූජාව ඊයේ (09) දින මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකොන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුහ..
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරන පළාත් 09 ම නියෝජනය කරමින් පළාත් සභා සභාපතිවරු, මන්ත්‍රිවරු,
මන්ත්‍රීවරියන්, හිටපු සභාපතිවරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, කංචන ජයරත්න මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පළාත් සභා
මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජන කරමින් පැමිණි එම පිරිස පළමුව අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වන උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය සද්ධර්ම ජාතික ධජ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නා හිමි බැහැදැක අනතුරුව අටමස්ථාන නායක ස්වාමිද්‍රයාණන් වහන්සේලා සියළු දෙනා ද බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, කොවිඩ් ව්‍යසනයෙන් ජනතාව අත්මුදවා ගැනීම පිළිබද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කරමින් කල්දමා ඇති පළාත් සභා ඡන්දය පිළිබද සමාජය නොමග යවනා දුර්මත සමාජගත කිරීම පිළිබද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදි .
එමෙන්ම පළාත් සභා ක්‍රමයේ ඇති වැදගත්කම පිළිබදව ද උන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් පෙන්වා දෙන ලද්දේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මැතිවරණයක් තමන් ද කිසි සේත් අපේක්ෂා නොකරන බවයි.
මෙහිදී අටමස්ථාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පෙන්වා දෙන ලද්දේ පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය මගින් රට කරවන ජනාධිපතිවරයා ප්‍රමුඛ ලක් රජයට සහ රටවාසී සියළු දෙනා වෙනුවෙන් ආශිර්වාද පැතීමත්, කොවිඩ් රෝගය මෙරටින් තුරන් කර දැමීමත් අරමුණූ කොටගන අටමස්ථාන නායක මාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ජය ශ්‍රී මහා බෝධී පාද මූලයේ මෙවැනි අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම ඉතා අගයකොට සළකන බවයි. එමෙන්ම මෙම කාල පරිච්ඡේදය තුල පළාත් සභා ක්‍රමයේ ඇති වැදගත්කම පිළිබදව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීමට කටයුතු කිරිම මගින්, ජයග්‍රහණ අත්කරගෙන ජනතාවට පළාත් සභා මගින් නැවතත් සමීප සේවාවක් සැපයීමට අවකාශ ලැබෙනු ඇති බවයි.
