පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට තීරණයක්
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශ අවශ්‍යවන පරිදි යාවත්කාලීන කරමින් ක්‍රමාණුකූලව පාසල් ක්‍රීඩා තරඟ ආරම්භය කෙරෙහි අවධානය යොමු වීමේ ඇති වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රිඩා තරඟ නැවැත ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (06) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්විය.
මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යතවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලද්දේ වෛරසයේ අවධානම වැඩි බස්නාහිර පළාත හැර පිට පළාත්වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බවය.
බස්නාහිර පළාත ඇතුලුව හුදකලා කර ඇති ප්‍රදේශවල ළමුන් කිසිදු ආකාරයකින් ක්‍රීඩා තරඟ සඳහා සම්බන්ධ නොකර ගතයුතු බවද එහිදී පෙන්වා දී තිබේ.
කණ්ඩායම් ක්‍රීඩා, පාසල් බිග් මැච් තරගාවලි පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලද්දේ වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා තරග පැවැත්වීම කාලෝචිත බවය.
