ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..

Corona Vaccine
By Thaya Jan 27, 2021 08:27 PM GMT
Report

මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම ඒ සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ලංකාවේ අනාගතය අසතුටුදායක නැති බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කොරෝනා එන්නත් මෙරට ලැබීමෙන් පසු ඒවා බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් එහිදී මාධ්‍ය දැනුවත් කළේය.