කොරෝනා ආසාදිතයෙකු පැනයයි... ගියපු පෙදෙසක් තවමත් නොදනී.(PHOTOS)

corona escape
By Thaya Dec 27, 2020 07:09 PM GMT
Thaya

Thaya

Report

නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු නිවසින් පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සඳහා සපුගස්කන්ද පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

ඔහු නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

සපුගස්කන්ද, මාකොල උතුර, දේවාල පාර ලිපිනයේ ඔහු පදිංචිව සිට තිබූ බව පොලීසිය පවසයි.

මේ වනවිට පළාගොස් ඇති කොවිඩ් ආසාදිත එම පුද්ගලයාගේ ඡායාරූපයක් ද පහතින් දැක්වෙන අතර ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක - පොලිස් ස්ථානාධිපති සපුගස්කන්ද - 071 8591599/ 011 2400315 හෝ හදිසි ඇමතුම් අංශය - 011 2 433333/119


Gallery