Covid වලට ප්‍රතිදේහ ඇති දරුවෙක්

Covid-19
By Thaya Mar 20, 2021 12:02 PM GMT
Thaya

Thaya

Report

ඇමරිකාවේ දකුණු ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ලොව ප්‍රථම වරට වාර්තා වන කොවිඩ් -19 ප්‍රතිදේහ සමග උපත ලැබූ දරුවෙකු පිළිබඳව වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ සෞඛ්‍ය සේවිකාවක් ඇයට දරුවා ප්‍රසූත කිරීමට සති තුනකට පෙර මෝඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර එන්නත ලබා දෙන අවස්ථාවේ ඇය සති 36 ක ගැබිණියක් බවයි වාර්තා වන්නේ පෝල් ගිල්බට් සහ චැඩ් රුඩ්නික් යන වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ සොයා ගැනීම් පූර්ව මුද්‍රිත ලිපියකින් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා

ඉන් සති තුනකට පසුව ඇය ශක්තිමත් නිරෝගී බිළිඳියකට උපත ලබා දී තිබෙනවා ඇයගේ පෙකණි වැලෙන් ලබා ගත් රුධිරය විශ්ලේෂණය කර ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ එම බිළිඳිය උපත ලබන අවස්ථාවේදී ඇයගේ රුධිරයේ කොවිඩ්-19 ප්‍රතිදේහ ඇති බවටයි . මෙම මාතෘ එන්නත හේතුවෙන් එම බිළිඳියට Sars-CoV-2 වෛරසයෙන් (කොරෝනා වෛරසය) ආරක්ෂා වීමටත් එය ආසාදනය වීමේ අවදානම අවම බවටත් හැකියාවක් ඇති බවට පර්යේෂකයින් පෙන්වා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

“අප දන්නා පරිදි, එන්නතකින් පසු කොවිඩ්-19 ප්‍රතිදේහ සමග දරුවෙකු ඉපදුණු බවට වාර්තා වූ ලොව පළමු අවස්ථාව මෙයයි,” ළමා විශේෂඥ වෛද්‍ය පෝල් ගිල්බට් මාධ්‍ය වෙත පවසා තිබෙනවා “ගර්භණී සමයේදී ලබා දෙන වෙනත් එන්නත් සමග සිදු වන ආකාරයටම මවගේ ප්‍රතිදේහ මෙම එන්නත හරහා ද දරුවාට ලබා දෙන්නේ දැයි දැන ගැනීමට අපි ළදරුවාගේ පෙකණි වැල පරීක්‍ෂා කළෙමු,” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන අතර මෙය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ සිදු කළ යුතු බවයි