ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා තැබෙන ක්‍රමවේදයේ වෙනසක්
රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳවීම දින 14 සිට දින 10 දක්වා අඩු කර තිබේ. එම දින 10 ගණනය කරනු ලබන්නේ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ සාම්පල ලබාගත් දිනයේ සිට දින 10 ක් ඉදිරියටය. කෙසේවෙතත් ආසාදිතයින් අතරින් ඇතැමුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන්නේ 6 වැනි දිනයත් පසුවීමෙන් බව වාර්තා වේ. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයේ ඔවුන් රඳවා තැබෙන්නේ උපරිම වශයෙන් දින 04 ක් පමණයි.
කෙසේවෙතත් ආසාදිත පුද්ගලයින්ගෙන් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට සැලකෙන දින 10ක කාල සීමාව තුළ පමණක් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තැබීමටත්, ඉදිරි 4 නිවෙස් තුළ නිරෝධායනයේ තැබීමටත් කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. අද (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,
“දැන් විද්‍යාත්මකව කරුණු පැහැදිලි වෙලා තියෙනවා දින 10ක් ගියාට පස්සේ කෙනෙකුගේ මේ රෝගය තවත් කෙනෙකුට ප්‍රචාරයවීමේ හැකියාව ඉතාමත් අවමයි කියලා. ඒ නිසා අපි දින 14ක කාලයක් වෙන්කර තබාගැනීම සිදුවෙනවා. එම අවදානම් දින 10ක කාලය අපි ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා ගැනීම සිදුකරනවා. ඉතුරු දවස් 11 ඉදන් 14 දක්වා කාලය නිවසේදීම වෙන්කළ තබා ගැනීමක් සිදුවෙනවා. යම්කිසි විදිහකින් රසායනාගාරයක ප්‍රතිඵල ලබාදීමේ කාලසීමාවේ වැඩිවීමක් සිදුවුණොත් අපි ගණනය කරන්නේ සාම්පලය ලබාගත් දිනයේ සිට බැවින් සමහර විට දින 10ක්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටින්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය නිවැරදි කළයුතුයි.“