ඇමති ප්‍රධානත්වයෙන් රෝහලේ උත්සවයක්

covid19 prasanna ranathunga vathupitivala aththanagalla
By Sithumi May 13, 2021 11:30 AM GMT
Sithumi

Sithumi

Report

ට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අත්තනගල්ල වතුපිටිවල රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් වාට්ටුව සෞඛ්‍ය අංශ වෙත භාරදිම නිමිත්තෙන් ඊයේ (12) එම රෝහල් පරිශ්‍ර යේ දී පැවති උත්සවයෙන් පසු මාධ්‍ය වේදීන් ඇසු ප්‍රශ්නවලට උත්තර දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ විදෙස් රටවල් කීපයක් ශ්‍රී ලංකාවට තාවකාලික ගුවන් තහනමක් පණවා ඇති බවයි.

“අද ඇතැම් රටවල් සංචරණය අත්හිටුවලා තියෙනවා. ලාංකාවෙන් පිට රටවලට යන්න බැරි තහනම් නියෝග පණවලා තියෙනවා. අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ ඒ අනුවයි. කුවේට්, ඩුබායි වගේ රටවල් ලංකාවේ ඉදන් විතරක්නෙමෙයි ආසියාවේ රටවල් කීපයක් එක්ක ගුවන් ගමන් නතර කරලා. අපි හැමවිටම කටයුතු කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව. ඉදිරියටත් එහි වෙනසක් නෑ. සෞඛ්‍ය අංශ අපවෙත ලබාදෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් මගින් එන කෙනෙක් දින 14 ක් නිරෝධායනය විය යුතුයි. විදෙස්ගත ශ්‍රමිකයන් වගේම රට තුළ සිටින ජනතාව පිළිබදවත් අපට වගකීමක් තියෙනවා. ඒ නිසා වගකීමක් ඇති රජයක් ලෙස අපි කිසිසේත් සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරින්නේ නෑ. කොවිඩ් එන්නත්කරණය පිළිබදව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා සදහන් කළේ ඉදිරි මාස කීපය තුළ මෙරට සියලුම දෙනාට කොවිඩ් එන්නත ලබාදීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. චීන හා රුසියානු එන්නත් මෙන්ම මුලින්ම ලබාදුන් කොවිඩ් ෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා ගැනීම සදහා ආණ්ඩුව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කීවේය. ”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now